






පැරණි ඥානයෙන් නව සුවය
"New Healing with Ancient Wisdom"
ලොව මවිත කරවන වසර සියගණනක් ඉපැරණි අරාබි දේශයෙන් මෙරටට පැමිණි යුනානි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට සම්බන්ධ වෙදකමකි පුවක්පිටියේ පාරම්පරික වස විස ලය විරේක වෙදකම.
වර්තමානයේ හතරවන වෙද පරම්පරාව විසින් පවත්වාගෙන යනු ලබන පුවක්පිටියේ වෙදකම තුලින් සුවපත් වූ දේශීය විදේශීය රෝගීන් ප්‍රමාණය ලක්ෂ පහකට ආසන්නය
අනුකරණ ආයතන වලින් ප්‍රවේශම්වන්න. පුවක්පිටිය වෙද මැඳුරේ ශාඛා හෝ නියෝජිතයින් නොමැත.




පුවක්පිටිය වෙද මැදුරට පැමිණෙන රෝගීන් පරස්ක්ෂා කරන්නේ මෙම වෙද පරපුරට අනන්‍ය වූ විශ්මිත ක්‍රමවේදයකටය. මිරිකාගත් ඖෂධ යුෂ බිංදු කිහිපයක් රෝගියාගේ අල්ලමත තැන්පත් කරන අතර එය තත්පර කිහිපයකින් කැටි ගැසුනහොත් රෝගියාගේ උදරයේ කිසියම් වසක් තැන්පත් වී ඇති බවට නිගමනය කෙරේ.
ස්වභාවික ඖෂධ යෙදු කිරි වීදුරුවක් පානය කිරීමට ලබාදෙයි. විනාඩි කිහිපයකින් රෝගියා වමනය කරන අතර එම වමනය සමග උදරයේ තැන්පත් වී තිබූ වස විෂ හෝ අහිතකර කොටස් සියල්ල ඉවත්වෙයි.
රෝගියාගේ ඇස් දෙකටම ඒවා දැක ගත හැකිය. වසර ගණනාවක් පීඩාවට පත්කළ රෝග මෙසේ එක් දිනකින් සුවපත්වෙයි.


ආහාර පාන විෂ වීමෙන්, ඉනා බෙහෙත් කැවීමෙන් ඇති විය හැකි සුව නොවන බඩේ අමාරු හා ශරීරයේ පිත සෙම අධික වීමෙන් ඇති වන බඩේ දැවිල්ල, බඩ පුරවා දැමීම, කෑම අරුචිය, අජීර්ණ ගතිය, දද, කුෂ්ඨ, ඇගේ බිබිලි මතු වීම, කැසිල්ල, හන්දිපත් වේදනාව, ශරීරයද දිනෙන් දින දුර්වල වීම ආදි සියලුම රෝග ස්වභාවික ආර්යුවේද ඖෂධ යොදා ළය විරේක කර සුව කරනු ලැබේ.
Ailments caused by food poisoning and indigestion due to charmed food, burning sensation of the abdomen, caused by increased phlegm and bile, abdominal distention, loss of appetite, eczemas and other skin ailments, joint paints, progressive weakness of the body, fractures and dislocations are cured by induced vomiting using native Ayurvedic remedies.
මෙම රෝහල තුල පාරම්පරික ක්‍රම මගින් පමණක් රෝග සුව කිරීම පමණක් සිදු වන අතර යන්ත්‍ර මන්ත්‍ර ක්‍රම භාවිතා නොවන බව කාරැණිකව සලකන්න


ඔබ දුර නිසා අපගේ රෝහල වෙත පැමිණීමට අපහසුවෙන් ද.?
එයට විසදුම ඔබ වෙනුවෙන් සූදානම් කර ඇත.
රෝගීන් සදහා නවාතැන් පහසුකම් A/C ,non A/C.
වෙද මැදුර වෙත ප්‍රථිකාර සදහා පැමිණෙන විට හැකි තරම් උදෑසනින් පැමිණීමට කාරැණික වන්න.
ආහාර පාන විෂ වීමෙන්, ඉනා බෙහෙත් කැවීමෙන් ඇති විය හැකි සුව නොවන බඩේ අමාරු හා ශරීරයේ පිත සෙම අධික වීමෙන් ඇති වන බඩේ දැවිල්ල, බඩ පුරවා දැමීම, කෑම අරුචිය, අජීර්ණ ගතිය, දද, කුෂ්ඨ, ඇගේ බිබිලි මතු වීම, කැසිල්ල, හන්දිපත් වේදනාව, ශරීරයද දිනෙන් දින දුර්වල වීම ආදි සියලුම රෝග ස්වභාවික ආර්යුවේද ඖෂධ යොදා ළය විරේක කර සුව කරනු ලැබේ.